icon

වර්ධනය වේගවත් කිරීම සඳහා ප්‍රාග්ධනය සුහුරු ලෙස භාවිත කිරීම

බොහෝ මධ්‍ය පරිමාණ ව්‍යාපාර අරමුදල් නොමැතිකම හෝ අරමුදල් ප්‍රශස්ත ලෙස භාවිත නොකිරීම හේතුවෙන් ඔවුන්ගේ වර්ධනයේ ඊළඟ මට්ටමට ළඟා වීමට අසමත් වේ. ‘සුහුරු ප්‍රාග්ධනය’ ආකර්ෂණය කර ගැනීමට හා භාවිත කිරීමට සමාගමක් ස්ථානගත කිරීම ඉහළ වර්ධනයක් ළඟා කර ගැනීම සඳහා තීරණාත්මක වේ.


මෙම වැඩසටහනෙන් මධ්‍ය පරිමාණ ව්‍යාපාරයන්ට ඔවුන්ට ලබා ගත හැකි විවිධ අරමුදල් විකල්පයන් සහ එම අරමුදල් ප්‍රාග්ධන වර්ධනය සඳහා යොදා ගත යුතු වඩාත්ම ප්‍රශස්ත ක්‍රම පිළිබඳව ක්‍රමානුකූල මාර්ගෝපදේශනයක් ලබා දෙනු ඇත. එක් එක් සමාගමේ අවශ්‍යතා මත පදනම්ව ප්‍රාග්ධන ව්‍යුහය ප්‍රශස්ත කිරීම සහ සුදුසු ආයෝජකයින්ගේ සහ හවුල්කරුවන්ගේ ජාලයකට ප්‍රවේශය සැපයීම කෙරෙහි මෙහිදී අවධානය යොමු කෙරේ.