icon

වේදිකාව අවශ්‍යතා දෙකක් කෙරෙහි අවධානය යොමු කරයි:


1. අනාගතය සඳහා සූදානම් සහ වටිනාකම් නිර්මාණය කරන ව්‍යාපාර ගොඩනැගීම

නව අදහස් හඳුනා ගැනීම සහ ව්‍යාපාරයක් එකම තැන නොරැඳී වර්ධනය වීමට ඉතා වැදගත් වේ. වටිනාකම් නිර්මාණය කිරීම සහ අනාගත ඉවත් වීමේ විකල්පයන්ද සැලකිල්ලට ගැනීම (විකිණීම සඳහා අදහසක් දැනට නොමැති වුවත්) වර්ධන මානසිකත්වයක් ඇති කිරීමට උපකාරී වේ.

2. පවුල් ව්‍යාපාර විසින් මුහුණ දෙන පොදු ගැටළු වලට විසඳුම් ලබා දීම

අපගේ අත්දැකීම අනුව, ප්‍රධාන පාර්ශවකරුවන්ගේ විශ්වාසය, කැපවීම සහ දායකත්වය මඳ කම හේතුවෙන් බොහෝ පවුල් ව්‍යාපාර නිසි ලෙස වර්ධනය නොවේ. ප්‍රත්‍යක්ෂ 6C රාමුව මත පදනම්ව මෙම අභියෝගයන්ට විසඳුම් ලබා දීමට ව්‍යාපෘතිය අරමුණු කරයි.

විනිවිදභාවය හරහා විශ්වාසය

අදහස් හා ක්‍රියාත්මක වීම පිළිබඳ මිනිසුන්ට විශ්වාසයක් ඇති කිරීමට නම් ව්‍යාපාරයේ අරමුණු, ආයෝජන සැලසුම් සහ තීරණ ගැනීම පිළිබඳ විනිවිද භාවයෙන් කටයුතු කිරීම අවශ්‍ය වේ.

පහසුව හරහා කැපවීම

ව්‍යාපාරය සාර්ථක කර ගැනීම සඳහා කැපවීමට නම් මිනිසුන්ට තමන්ට වටිනාකමක් ලැබීමෙන්, තොරතුරු ලැබීමෙන් හා තමන්ගේ අපේක්ෂාවන් කළමනාකරණය වීමෙන් ගොඩනැගෙන පහසුව පිළිබඳ සංවේදනයක් තිබීම අවශ්‍ය වේ.

හැකියාව හරහා දායකත්වය

ප්‍රශස්ත ලෙස දායකත්වය සැපයීමට නම් මිනිසුන් සිය හැකියාන් හඳුනා ගත  යුතු වේ. ඒ සඳහා නිපුණතාවයන් තක්සේරු කිරීම සහ පුහුණුව සහ සංවර්ධනය දියුණු කිරීම අවශ්‍ය වේ.