Stax Inc. යනු බොස්ටන්හි මූලස්ථානිත, චිකාගෝ, නිව් යෝර්ක් සහ කොළඹ යන ස්ථානවල කාර්යාල සහිත ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම කළමනාකරණ උපදේශන සමාගමකි. වසර 25 කටත් වැඩි පළපුරුද්දක් ඇති ස්ටැක්ස් ආයතනය ලොව විශාලතම රාජ්‍ය හා පෞද්ගලික සංස්ථා, පුද්ගලික කොටස් සමාගම් සහ ඒවායේ තවත් සමාගම් වලට ජාත්‍යන්තර වෙළෙඳපොළ 40කට වැඩි ප්‍රමාණයක් ආවරණය වන පුළුල් පරාසයක කර්මාන්ත සඳහා උපදෙස් සපයන්නකි.

 

ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනය (USAID) යනු එක්සත් ජනපද රජයේ ස්වාධීන ආයතනයක් වන අතර එය මූලික වශයෙන් සිවිල් විදේශ ආධාර හා සංවර්ධන ආධාර පරිපාලනය කිරීමේ වගකීම දරයි. ඩොලර් බිලියන 27 කට වැඩි අයවැයක් සහිත USAID ලොව විශාලතම නිල ආධාර සැපයුම් නියෝජිතායතනය වන අතර එක්සත් ජනපදයේ සියලුම විදේශ ආධාර වලින් අඩකට වඩා එය සතු වේ. ඒ වනාහි ගෝලීය මට්ටමින් සුවිසල් ‍ඩොලර් ප්‍රමාණයෙකි.

ඇමරිකාවේ ග්ලෝබල් ෆයිනෑන්ස් සඟරාව විසින් ශ්‍රී ලංකාවේ 2021 හොඳම බැංකුව ලෙසත්, එක්සත් රාජධානියේ බෑංකර් සඟරාව විසින් “ශ්‍රී ලංකාවේ වසරේ බැංකුව – 2020” ලෙසත් නම් කරන ලද NDB බැංකුව ඒෂියාමනි සඟරාව විසින් 2021 වසරේ සම්මාන උළෙලේදී “හොඳම ඩිජිටල් බැංකුව” ලෙස ද සම්මාන පුද කළේ ය. NDB යනු ශ්‍රී ලංකාවේ ලැයිස්තුගත කර ඇති 4 වන විශාලතම බැංකුව වන අතර NDB සමූහයේ මව් සමාගම ද වේ. ශ්‍රී ලංකාවේ ඇති එකම මූල්‍ය සේවා සමූහය වන NDB සමූහය සිය සියලුම සමාගම් නිෂ්පාදන හා සේවා පිරිනැමීම් වෙත සිය ගනුදෙනුකරුවන්ට බාධාවකින් තොරව ප්‍රවේශය ලබා දීම තුළින් ශ්‍රී ලංකා ප්‍රාග්ධන වෙළඳපොළේ වර්ධනයට හා සංවර්ධනයට සහාය වන්නකු ලෙස සුවිශේෂී ස්ථානයකට එළැඹ සිටියි.