Sri [email protected] හි ප්‍රථම හැකියාවන් ගොඩනැංවීමේ වැඩමුළුව කෑගල්ල වාණිජ මණ්ඩලය සමඟ ඒකාබද්ධව “අවධානය හරහා වර්ධනය” යන තේමාව යටතේ පවත්වන ලද අතර ඒ සඳහා ප්‍රදේශයේ ආයතන 40කට වැඩි සංඛ්‍යාවක් සහභාගී විය. ආචාර්ය කුමුදු ගුණසේකර මහතා විසින් Sri [email protected] වැඩසටහන ආයතන නියෝජිතයන් වෙත හඳුන්වා දුන් අතර ප්‍රධාන දේශනය කෑගල්ල පාර්ලිමේන්තු මන්ත්‍රී සහ කලාපීය සහයෝගිතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගරු තාරක බාලසූරිය මහතා විසින් ඉදිරිපත් කරන ලදි.

අවස්ථා විස්තර

  • දිනය: 2020 සැප්තැම්බර් 29
  • වේලාව: පෙ.ව. 10.30 සිට ප.ව. 1.30 දක්වා
  • ආරාධිත අමුත්තා: කලාපීය සහයෝගිතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගරු තාරක බාලසූරිය මහතා

සංවිධායකයාගේ විස්තර

  • විද්‍යුත් තැපෑල: [email protected]
  • දුරකතන: +94-771-638-128

ස්ථානය:

  • ස්ථානය:Sleek Daffodil හෝටලය, (නව බයිපාස් පාර) නිල්මල්ගොඩ, කෑගල්ල