සිටි මට්ටමට ද වඩා හොඳින් නැවත නැඟී සිටීම සඳහා ප්‍රායෝගික ක්‍රියාමාර්ග සහ යෝජනා ඉදිරිපත් කිරීමට මෙම අන්තර්ජාල වැඩමුළුව තුළින් අවධානය යොමු කෙරේ. මීට උත්තේජක සාකච්ඡාවක් මෙන්ම ක්‍රියාකාරී ඉදිරි දැකීම් සහිත කණ්ඩායම් සැසි ද ඇතුළත් වේ.

කථිකයින්:

ප්‍රධාන සාකච්ඡාව:
  • ආචාර්ය රත්න සාහේ – නියෝජ්‍ය අධ්‍යක්ෂ, මූල්‍ය හා ප්‍රාග්ධන වෙළඳපොළ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල
කණ්ඩායම් සැසිය 1: මූල්‍යකරණය සඳහා ප්‍රවේශය – ප්‍රාග්ධනය ඉහළ නැංවීමේ මාර්ග
  • සිදත් කල්‍යාණරත්න – වරලත් මූල්‍ය විශ්ලේෂක, Assetline හි අධ්‍යක්ෂ,
  • ඔර්සු මත්‍යකුබෝවා – Palladium සමූහයේ නියෝජිත
  • ජයකාන්ත් සිවසාමි – Palladium සමූහයේ නියෝජිත
කණ්ඩායම් සැසිය 2: වෙළඳපොළ වෙත ප්‍රවේශය – අසල්වැසි වෙළඳපොළවල අවස්ථා
  • අනුෂ්ක විජේසිංහ – ආර්ථික විද්‍යාඥ සහ ජාත්‍යන්තර උපදේශක
කණ්ඩායම් සැසිය 3: තාක්ෂණය වෙත ප්‍රවේශය – සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ගේ තොරතුරු සන්නිවේදන තාක්ෂණ භාවිතය වැඩි කිරීම
  • හෙලනි ගල්පාය – ප්‍රධාන විධායක නිලධාරී, LIRNEasia
 

නිතර අසන පැන (FAQs)

  • මෙම වැඩමුළුව පැවැත්වෙන්නේ කොහේද?
මෙය ඔබගේ පරිගණකය, ජංගම දුරකතනය හෝ ටැබ්ලට් පරිගණකය ඔස්සේ සම්බන්ධ විය හැකි මාර්ගගත වැඩමුළුවකි‍.
  • වැඩමුළුව දිනයේ දී මම එයට පුරනය වන්නේ කෙසේද?
ඔබගේ පුරන තොරතුරු වැඩමුළුවට පෙර ඔබ වෙත විද්‍යුත් තැපෑලෙන් ලැබෙනු ඇත. මාර්ගගත වැඩමුළුවට සම්බන්ධ වීම සඳහා එම තොරතුරු භාවිත කළ හැකිය.
  • මෙම අතථ්‍ය වැඩමුළුවට සහභාගීවීමට මා කිසියම් මෘදුකාංගයක් බාගත කිරීම හෝ ස්ථාපනය කිරීම අවශ්‍යද?
නැත. සහභාගී වීම සඳහා කිසිදු මෘදුකාංගයක් බාගත කිරීම හෝ ස්ථාපනය කිරීම අවශ්‍ය නොවේ. මෙය අන්තර්ජාලය පදනම් කරගෙන පැවැත්වෙන බැවින් අවශ්‍ය වන්නේ පරිගණකයක්/ජංගම දුරකතනයක්/ටැබ්ලට් පරිගණකයක් සහ අන්තර්ජාල සම්බන්ධතාවයක් පමණි.
  • අතථ්‍ය අවස්ථාවට සහභාගී වීමට මට මගේ අනෙකුත් සේවකයන්ට සහ මිතුරන්ට ආරාධනා කළ හැකිද?
නියත වශයෙන්ම. ඔබ අන් අයට ආරාධනා කර මෙම පණිවුඩය බෙදා ගනු ඇතැයි අප බලාපොරොත්තු වෙමු. මෙම පිටුව සඳහා සබැඳිය මිතුරන් සමඟ බෙදා ගත හැකි අතර, ඔවුන්ගේ පහසුව අනුව ඔවුන් හට ලියාපදිංචි විය හැකිය

සිදුවීම් විස්තර

  • දිනය:2021 පෙබරවාරි 2
  • වේලාව: ශ්‍රී ලංකාවේ සම්මත වේලාවෙන් පෙ.ව. 11